හිඟ ඖෂධ 50 ක් ආනයනයට සැලසුම්

මේ වන විට හිඟව පවතින තවත් ඖෂධ වර්ග 50 ක් ඉදිරි දෙසතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 230 ක හිඟයක් පවතින අතර මේ හරහා එම හිඟය යම්තාක් දුරට පාලනය වනු ඇති බවට අපේක්ෂා කරනවා.

ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ සහාය ලබා ගනිමින් මෙම ඖෂධ කඩිනමින් ඇනවුම් කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.