මහනුවර පාසල් සඳහා දින තුනක නිවාඩුවක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් සමඟ නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් මහනුවර නගර සීමාවේ රජයේ පාසල් හෙට දින 03ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා , මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වා, මහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වා, මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වා වූ පාසල් සහ දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල/බෝවල වත්ත/හන්තාන යන පාසල් මෙලෙස නිවාඩු දෙනු ලබනවා.

මෙම පාසල් සැප්තැම්බර් මස පළමුවනදා යළි විවෘත කිරීමට නියමිත අතර ඉන්පසු මෙම නිවාඩු දින වෙනුවට ඉදිරි සෙනසුරාදා දින තුනක් හිලව් සැසි පැවැත්වීමට පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව යි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළේ.