අස්වැසුම දීමනා ගෙවීම ලබන සඳුදා සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇති අතර ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු හරහා ගෙවීම් සිදුකරනු ඇත.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් මේ දක්වා ප්‍රමාද විය.