පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සති 04ක කාලයකට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරනවා.
මේ වන විට ද ජල විදුලිය නිෂ්පාදනය 15% දක්වා පහත වැටී ඇති අතර තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව විදුලි බලය ලබා දීමට හැකියාව පවතින බව යි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
තාප බලාගාරවල ධාරිතාව 65% ක් දක්වා ඉහළ නංවා තිබෙන අතර සෝලා භාවිතයෙන් සහ සුළං බලයෙන් තවත්11% ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇත.

