වහාම ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු කර්මාන්තකරුවන් තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.
ඒ බඩඉරිඟු සඳහා රජය විසින් පනවා තිබුණු ආනයනික බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ ය.
කුකුළු කර්මාන්තකරුවන් සමඟ පවතී සාකච්ඡාවක දී අමාත්‍යවරයා රුපියල් 100 ට වඩා වැඩි ප්‍රමාණයකින් කුකුල් මස් මිල අඩු කරන ලෙස ඉල්ලීම් කළත් ඔවුන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වෙන්නේ.

