විද්‍යාපීඨ 19 ම එකතු කර එක විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය, සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.
එම විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගන්නේ දෙවැනි පන්තියේ ඉහළ සාමාර්ථයක් ඇති උපාධිධාරීන් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එසේම මේ සම්බන්ධව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ බවත් ඔහු පවසනවා.

