ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

මෙවර මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද අද රාත්‍රී 07.26ට වීථි සංචාරය කිරීමට නියමිත ය.

රන්දෝලි පෙරහර දළදා වීථිය, ඩී.එස්.සේනානායක වීථීය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය ඔස්සේ ගමන් කර ඊ.එල්.සේනානායක වීථියට පිවිස ඒ හරහා හරස් වීථිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිතයි.