බිත්තර ආනයනය අඛණ්ඩව

බිත්තර ආනයනය කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

එලෙස බිත්තර ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය සමනය කිරීමට හැකියාව ලැබුණු බවයි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ.

ඉදිරි මාස 3 ක කාලයක් සඳහා දෛනික ව බිත්තර මිලියනයක් ආනයනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය දැනටම ලැබී ඇති බව යි ඔහු පවසන්නේ.