මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් රෝග කිහිපයක් ව්‍යාප්ත වීමේ අවදානක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවල ස්නානය සහ මසුන් ඇල්ලීමට යාමෙන් මී උණ රෝගයට ගොදුරු වීමේ අවධානමක් පවතිනවා.
එසේම ජලය අවම ස්ථානවල ස්නානය කිරීම මඟින් සමේ රෝග සහ පාචනය ඇති වීමේ අවධානමක් ද පවතින බවයි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ.
තවද සෑම විටම උතුරුවා නිවා ගත් ජලය පානය කරන ලෙස ද ඔහු මහජනතාවට උපදෙස් ලබා දෙනවා.

