ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන online ඔස්සේ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.
එහි පළමු අදියරය කොළඹින් ආරම්භ වන බවත්, පාරිභෝගිකයන් ට පහසු වන පරිදි ධීවර සංස්ථා අලෙවිසැල් රැසකම QR ක්‍රමයට මුදල් ගෙවීමේ හැකියාවක් ද සකස් කර ඇති බවත් ඔහු පවසනවා.
නව ලෝකයට ගැළපෙන පරිදි කටයුතු සිදු කිරීමෙන් පාරිභෝගික ආකර්ෂණයක් ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

