අය වැයෙන් අනුමත මුදලට වඩා වැඩි මුදලක් දැනටමත් සෞඛ්‍යය සේවයට වැය කරලා – සෞඛ්‍ය ඇමති

අය වැය හරහා අනුමත කළ මුදලට වඩා රුපියල් බිලියන 65ක් දැනටමත් සෞඛ්‍ය සේවය සඳහා වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා.

එසේම රට තුල ඖෂධ අවශ්‍යතාවය කාර්යක්ෂමව සපුරාලීම සහ ඖෂධ හිඟය අවම කිරීමට සියලුම ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ භාණ්ඩාගාරය සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරන බැවින් අදාළ ආයතනයන්හි වගකීම ඒ පිළිබඳව වඩා ප්‍රමුඛත්වයෙන් සිතා කටයුතු කිරීම බවයි.