ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ඇමති කියයි

විදේශ බුද්ධි අංශයකින් හෝ ආයතනයකින් රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලහාල සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා.

සමාජ මාධ්‍ය වල පළවෙන විවිධ අදහස් වලට ප්‍රතිචාර ලෙස මෙලෙස ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.