ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමේ සැලැස්මක්

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළව සර්බානා ජුරෝන් සමාගම විසින් සැලැස්මක් සකස් කර තිබෙන අතර එය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යම් එකඟතාවලට පැමිණ ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ත්‍රිකුණාමලය ප්‍රධාන වෙළඳ නගරයක් බවට පත් කළ යුතු බවත්, ඉන් අනතුරුව මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක ද සංවර්ධනය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.