දළඳා පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය 4 ක් හෙට සිට

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා එන ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය 4ක් ක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම විශේෂ දුම්රිය හෙට සිට ලබන 30 වන දා දක්වා ධාවනය වීමට නියමිත ය.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා එක දුම්රියක් ද, පෙරහැර අවසන් වී පිටත් වන ජනතාව සඳහා මහනුවර සිට මාතලේ, නාවලපිටිය කොළඹ කොටුව දක්වා ද දුම්රිය ධාවනයට සැලසුම් කර තිබෙනවා.

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසාන කුඹල් පෙරහැර අද රාත්‍රියේ විථි සංචාරය කරන අතර හෙට සිට රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ වේ.