පරිපුරක වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 05කට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙට පෙරවරු 08 සිට සිකුරාදා පෙරවරු 08 දක්වා පැය 24 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
මේ සඳහා විකිරණ විද්‍යා තාක්ෂණවේදී වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන් ඒ එක්කම භෞත චිකිත්සක වෘත්තිකයන්, වෘත්තීය චිකිත්සක වෘත්තිකයන් කියන වෘත්තීය කණ්ඩායම් සම්බන්ධ වන බවයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ.
ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වර්ජනය හේතුවෙන් එම කාලය තුළ දී සී.ටී පරීක්ෂණ, එක්ස්-රේ පරීක්ෂණ, එම්.ආර්.අයි පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, සහ ඖෂධ බෙදාහැරීම, නිකුත් කිරීම කියන සේවාවන් සියල්ල අඩපණ වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

