කොළඹ සිට Jeddah දක්වා වූ සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට ශ්රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා.
ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් UL 281 දරන ගුවන් යානය කොළඹ සිට ජෙඩා දක්වා සෑම අඟහරුවාදාසහ ඉරිදා දිනකම පස්වරු 2.25 ට ද, සෑම බදාදා දිනකම පස්වරු 2.15 ට ද පිටත් වන අතර එදිනම පිළිවෙලින් පස්වරු 6.10 ට සහ 6.00 Jeddah වෙත යාමට නියමිත ය.
එසේම UL 282 දරන ගුවන් යානය සෑම අඟහරුවාදා සහ ඉරිදා දිනකම පස්වරු 7.25 ට Jeddah වලින් පිටත් වන අතර සෑම බදාදා දිනකම පස්වරු 7.15 පිටත් වන අතර පිළිවෙලින් පෙරවරු 4.15 ට සහ පෙරවරු 4.05 ට කොළඹට ළඟා වීමට නියමිත ය.

