2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සදහා සහභාගී වන 17 දෙනෙක්ගෙන් යුතු ඉන්දීය සංචිතය අද නම් කර තිබෙනවා.
රෝහිත් ෂර්මා ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, කේඑල් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා (උප නායක), රවීන්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිට් බුම්රා, කුල්දීප් යාදෙව්, මොහොමඩ් සිරාජ්, මොහොමඩ් ෂාමි, ඉෂාන් කිෂාන්, ෂර්දුල් තාකූර්, අක්සාර් පටෙල්, සූර්යකුමාර් පටෙල්, යාදව්, තිලක් වර්මා, ප්‍රසිද් ක්‍රිෂ්ණා යන ක්‍රීඩකයන් ඇතුළත් වී තිබෙනවා.
තරගාවලිය මේ මස 30 වෙනි දා ආරම්භ වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සුපිරි සිව් දෙනාගේ තරඟය සඳහා සුදුසුකම් ලබනවා.

