ශ්‍රී ලංකාවට මේ වන විට බලපෑ ඇති එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් සාමාන්‍ය වැසි ලැබීමේ තත්ත්වය වෙනස් වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා වූ නිරිතදිග මෝසම් සමයේ ද ලැබෙන වර්ෂාපතනයේ අඩුවක් පෙන්නුම් කරන බවයි එහි අධ්‍යක්ෂක අතුල කරුණානායක මහතා සඳහන් කළේ.
ඔහු පෙන්වා දෙන්නේ මෙය 2015 වසරේ දී පවතී එල්නිනෝ තත්ත්වයට බෙහෙවින් සමාන තත්ත්වයක් බවයි.
එසේම 2024 වසරේ අග දක්වා විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන බව අවධාරණය කරන ඒ මහතා පවසන්නේ දෙසැම්බර් අග සිට ආරම්භ වන ඊසාන දිග මෝසම් කාලයේ දී ද ලැබෙන වර්ෂාපතනයේ යම් අඩු වීමක් සිදු විය හැකි බවයි.

