දේශීය ආදේශන භාණ්ඩ රැක ගැනීම සම්බන්ධයෙන් කමිටුවක්

ආනයන සීමා ඉහිල් කිරීමත් සමඟ දේශීයව නිෂ්පාදනය කරන ආදේශන භාණ්ඩ රැක ගැනීමට පියවර ගැනීම පිණිස කමිටුවක් පත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා අවශ්‍ය බදු හා ආනයනික භාණ්ඩ අතර බදු කළමනාකරණය පිළිබඳව මෙම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය.

මුදල් අමාත්‍යංශයේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් මෙම කමිටුව විසින් සෑම සති දෙකකට වරක් ම රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.