මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීම අඩු කරයි

ශ්‍රී ලංකා මහා බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව වාර්ෂික සංසරණය සඳහා නිකුත් කරන මුදල් නෝට්ටු සහ කාසි ප්‍රමාණය 2018 වසරට සාපේක්ෂව 50% කින් පමණ අඩු වී තිබෙනවා.

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සඳහන් කලේ 2018 වසරේ දී රුපියල් බිලියන 796.5 ක් ද, 2019 වසරේ දී රුපියල් බිලියන 776.2 ක් ද, 2020 වසරේ දී රුපියල් බිලියන 697.3 ක් ද, 2021 වසරේ දී රුපියල් බිලියන 390.9 ක් සහ 2022 වසරේ දී රුපියල් බිලියන 385.5 ක මුදලක් සංසරණය සඳහා නිකුත් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මුදල් හා නීති පනතේ ප්‍රකාරව රටේ මහජනතාව වෙත ව්‍යවහාරයේ පවත්නා නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරී පරම බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවට වනවා