ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් හිලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා ඇත්ගොව්වන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
එහි අධ්‍යක්ෂක තිලක් ප්‍රේමකාන්ත මහතා සඳහන් කළේ මාස හයක පුහුණුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම පාඨමාලාව සඳහා වයස හෝ අධ්‍යාපන සුදුසුකම් කිසිවක් සලකා නොබලන බව යි.
අලි ඇතුන් රැක බලා ගැනීම, සුරක්ෂිතතාවය, යහපැවැත්ම, රැකවරණය හා සුබසාධනය පිළිබඳව අලි ඇතුන්ගේ භාරකරුවන්ට සහ ඇත්ගොව්වන්ට විධිමත් සහ ප්‍රයෝගික පුහුණුවක් ලබා දීම මෙහි අරමුණ වී තිබෙනවා.
මෙම පාඨමාලාව සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවා ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2712 751, 011 27 12 752 හෝ 011 27 12 753 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි වෙනවා.

