2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥ තනතුර සඳහා දැන් අයදුම්පත් යොමු කළ හැකි බව ජනාධිපති කාර්යාලය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට ආරාධනා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ දැනුම් දෙනවා.
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අගෝස්තු 25 වන සිකුරාදා ලෙස දක්වා තිබෙනවා.
www.presidentsoffice.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු මෙන්ම අදාළ අයදුම්පත ද ලබා ගත හැකි වෙනවා.

