සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු ලබන 18 වන දා සිට

2022 (2023) අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවල පළමු අදියරය ලබන 18 වන දා සිට ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම පළමු අදියරය තුළ දී මුළු පිළිතුරු පත්‍ර සංඛ්‍යාවෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් ඇගයීමට ලක් කිරීමට සැලසුම් කර ඇති බවයි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා ප්‍රකාශ කළේ.

මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය අතරතුර දී සිදු වීම හේතුවෙන් කිසිදු පාසලක් අමතර වශයෙන් වසා දැමීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඇගයීම් කටයුතු වල පළමු අදියරය නගර 56ක ඇගයීම් මධ්‍යස්ථාන 100ක් තුළ දී ඇගයීම් මණ්ඩල 1,721 යටතේ ලබන 27 වන දා දක්වා සිදු කිරීමට නියමිත යි.