වගා හානි තක්සේරු කිරීම් පිලිබඳ වාර්තාවට අනුව ඊයේ දිනය වන විට නියඟය හේතුවෙන් වැඩිම වගා හානියක් සිදු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට බව වාර්තා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
ගොවින් 22,357 දෙනෙක් ඉන් පීඩාවට පත් වී ඇති අතර අක්කර 19,388 ක ප්‍රමාණයකට හානි සිදු වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
දෙවෙනි වැඩිම වගා හානි ප්‍රමාණය සිදු වී ඇත්තේ උඩවලව කලාපයට වන අතර එහි ගොවින් 4,050 දෙනෙක් ගේ අක්කර 10,125 කට හානි සිදු වී තිබෙනවා.
මේ වන විට හඳුනා ගෙන ඇති මුළු හානි වූ වගා බිම් ප්‍රමාණය අක්කර 37,101 ක් වෙනවා.

