කටුනායක ආරක්ෂාව ලිහිල් වෙයි

විදෙස්ගත වන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව මින් පෙර පවතී ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කළ ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එසේම නවීන තාක්ෂණයෙන් යුතු කැමරා 446 කින් යුතු ආරක්ෂිත CCTV කැමරා පද්ධතියක් හරහා පැය 24 පුරා මගීන් නිරීක්ෂණය කරන බවද, සිවිල් ඇඳුමින් සැරසුණු ගුවන්තොටුපොළ සහ ත්‍රිවිධ හමුදාවන්ගෙන් සමන්විත ආවේක්ෂණ කණ්ඩායමක් ද පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරත වන බවද සමාගම වැඩිදුරටත් අවධාරණය කරනවා.