චීනයේ Hunan පළාතේ පිහිටි ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් ලේසර් ආයුධ තාක්ෂණයේ පෙරළිකාර සොයා ගැනීමක් සිදු කර ඇති බවට South China Morning Post වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඒ ලේසර් ආයුධ වල ප්‍රධාන ගැටළුවක්ව පවතී අධික තාප ජනන ක්‍රියාවලිය නතර කිරීමට හැකි නව සිසිලන පද්ධතියකින් යුතු ලේසර් උපකරණයක් නිපද වීමට සමත් වෙමිනි.
සාමාන්‍ය ලේසර් උපකරණ මගින් නිපදවෙන ලේසර් කිරණ හරහා ඒ උපකරණය අභ්‍යන්තරයේ වූ වාතය රත් වන අතර එමඟින් ලේසර් නිෂ්පාදනයේ ක්‍රියාකාරිත්වය සහ ගුණාත්මකභාවය අඩු කිරීමට ලක් කෙරෙනවා.
මෙම සොයා ගැනීමත් සමඟ එම ලේසර් ආයුධ හරහා ක්‍රියාකාරිත්වයේ කිසිදු බාධාවක් හෝ පිරිහීමක් ඇති නොවෙමින් වැඩි කාලයක් ලේසර් කිරණ උත්පාදනය කළ හැකි වෙනවා.

