දළඳා පෙරහරට රජයෙන් රුපියල් ලක්ෂ 71 ක්

මහනුවර ඓතිහාසික දළඳා පෙරහැර මංගල්‍ය සඳහා අවශ්‍ය විදුලිය ආලෝකය සැපයීමට රජයෙන් රුපියල් ලක්ෂ 71 ක මුදලක් ලබා දෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා.

මහනුවර නගරය, පෙරහැර ගමන් කරන මාර්ගය, සතර දේවාල, රථ වාහන නැවතුම් ආදියට ආලෝකය සැපයීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් ලබා දුන් ඇස්තමේන්තුගත විදුලි බිලෙහි සම්පූර්ණ ප්‍රමාණය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.