මෝදිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් වෙයි

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, විපක්ෂය විසින් ඔහුට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව දින තුනක විවාදයකින් පසු පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කර තිබෙනවා.

මෝදී නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වී තිබීම මෙම විශ්වාසභංගය පරාජ වීමට ප්‍රධාන හේතුවක් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම මනිපූර් හි පවතින ගැටුම් විපක්ෂය විසින් දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා භාවිතා කරන බවත්, මෙම විශ්වාසභංග යෝජනාව ඉන්දියාව අපකීර්තියට පත් කිරීමට දරන ලද උත්සාහයක් බවත් මෝදී විවේචනය කර තිබෙනවා.

මෝදී විසින් 2014 වසරේ දී බලයට පත්වීමෙන් පසුව විශ්වාසභංග යෝජනාවක් පරාජය කළ දෙවැනි අවස්ථාව මෙය වනවා.