වියළි කාලගුණය හේතුවෙන් ජලය බෙදා හැරීමට බාධා

වියලි කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන 18 කින් ජලය බෙදා හැරීමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත කුමාර මහතා සඳහන් කරනවා.

එසේම තවත් මධ්‍යස්ථාන 32 ක් අවදානම් මට්ටමේ පවතින බවත් එම මධ්‍යස්ථාන හරහා ජලය ලබා දෙන ප්‍රදේශ කලාප වලට වෙන් කරමින් මුර ක්‍රමයට ජලය බෙදා හැරීමට කටයුතු කරන බවත් ඔහු පවසනවා.