ගුරු විභාග ගැන දැනුම් දීමක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ගුරු විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ගුරු විද්‍යාල අවසාන විභාගය 2020/2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) යන විභාග ලබන 14 වන දා සිට 19 වන දා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ගුරු විද්‍යාල අවසාන විභාගය සඳහා වූ ප්‍රවේශපත්‍ර ගුරු විද්‍යාල විදුහල්පතිවරුන් වෙත ද, උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය සඳහා වූ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් විසින් ලබා දුන් ලිපිනයන්ට ද තැපැල් කර ඇති බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

එමෙන්ම අදාළ ප්‍රවේශපත්‍ර www.doenets.lk යන වෙබ් අඩවියෙන් ද download කර ගත හැකි වෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ. 011 278 4208, 011 278 4537, 011 278 5413, 011 278 6616 යන දුරකථන අංක වලින් ලබා ගත හැක.