නයිජර් රාජ්‍යයේ ගුවන් කලාපය දින නියමයකින් තොරව වසා දමයි

බටහිර අප්‍රිකානු රටවල් වලින් එල්ල විය හැකි තර්ජන හේතුවෙන් නයිජර් රාජ්‍යයේ ගුවන් කලාපය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට නව හමුදා පාලනය විසින් පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයට පෙර ජනාධිපති මොහොමඩ් බාසූම් යළි ජනාධිපති ධුරය සඳහා පත් නොකළහොත් සිය බලය භාවිතා කරන බවට මින් පෙර බටහිර අප්‍රිකානු රටවල් සමූහය හෙවත් Ecowas විසින් අනතුරු අඟවා තිබුණා.

කෙසේවෙතත් දැනට නයිජර් හි පාලන බලය අල්ලා ගෙන සිටින හමුදා ප්‍රකාශ කරන්නේ එවැනි තර්ජන වලින් රට ආරක්ෂා කිරීමට තමන් සූදානම් බවයි.