ඉන්දියාවට යන්න පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අවසර ලැබෙයි

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව දැනුම් දෙමින් පකිස්ථාන රජය පවසා ඇත්තේ කිසිවිටෙක ක්‍රීඩාව සහ දේශපාලනය මිශ්‍රකරගැනීමක් සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම තරගාවලිය පැවත්වෙන කාලය පුරාවටම සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වගකිව යුතු බවත් එරට රජය අවධාරණය කර තිබෙනවා.