ගත වූ පැය 24 හි වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන්

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.9 ක් ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එසේම අඩුම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 13.8 ක උෂ්ණත්වයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කරනවා.