පාචන රැල්ලක අවදානමක්

රටේ බොහෝ ප්‍රදේශ වල පවතින ජල හිඟය හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාම සහ ඒවාට විවිධ බැක්ටීරියා සහ වෛරස එකතු වීම හේතුවෙන් ජනතාව පාචනය රෝගයට ගොදුරු වීමේ අවදානමක් දැඩිව පවතින බව වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කරනවා.

එසේම භාවිතයට ගන්නා ජලය හොඳින් උණු කර පානය කළ යුතු බවත්, පිටතින් ආහාර ගැනීමේ දී වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බවත් ඔහු සඳහන් කරනවා.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති වන විජලන තත්ත්ව වළක්වා ගැනීමට සහ වකුගඩු හා මුත්‍ර ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට වැඩිපුර ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.