උතුරු සහ නැගෙනහිර පළාත් වල පමණක් හෝ දැනට පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි දෙමළ ප්රගතිශීලි සන්ධානය විසින් මෙරට ඉන්දීය මහා කොමසාරිස්වරයා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කර තිබෙන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පොලිස් බලතල ප්‍රශ්නයක් කර ගනිමින් පළාත් සභා මැතිවරණය කල් දැමීම අසාධාරණ බවයි.

