විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා විභාග දෙපර්තම්නේතුවේ විභාග සහතික පත්‍ර Online ක්‍රමය ඔස්සේ සත්‍යාපනයට ලබා දෙන බව දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2001 සහ ඉන්පසුව පැවැත්වුණු අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළව සත්‍යාපනය කර ගැනීමට අවශ්‍ය විභාග සහතික පත්‍ර 2023.08.07 දින සිට online ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කරන ඉල්ලා සිටිනවා.
මේ හරහා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කරන ලැබූ විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ email ලිපිනය වෙත යොමු කෙරෙන අතර විභාග දෙපර්තම්නේතුවෙන් අදාළ ඉල්ලීම කළ අවස්ථාවේ සිට ක්‍රියාවලිය සම්බන්ධයෙන් කෙටි පණිවිඩ හරහා අයදුම්කරු දැනුවත් කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.
certificate.doenets.lk යටතේ ඇති issued online certificate හරහා සහතිකය බාහිර පාර්ශවයන් සඳහා ද online ක්‍රමයට සනාථ කර ගැනීමේ පහසුකම සලසා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911 ඇමතීමෙන් ලබා ගත හැකි ය.

