ඉම්රාන් ඛාන්ට වසර 03 ක සිර දඬුවම්

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඔහු අග්‍රාමාත්‍ය ධූරය දරන කාලයේ දී විදේශ වලින් ලැබුණු ත්‍යාග විකුණා උපයා ගත මුදල් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් ඔහු ඉස්ලාමාබාද් අධිකරණයේ වරදකරු වූ අතර සිර දඬුවමට අදාළ තීන්දුව ලබා දුන් පසු ලාහෝර් හි පිහිටි ඔහු ගේ නිවසේ සිට ඔහුව අත්අඩංගුවට පත් කර ගනු ලැබුවා.

සිර දඬුවමට අමතරව ඔහු ට ඇමරිකානු ඩොලර් 451 ක දඩ මුදලක් මෙන්ම වසර 05 ක් දක්වා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට තහනමක් ද පනවා තිබෙනවා.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරන්නේ ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්. තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ය.