ඊයේ රාත්‍රියේ සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා “යාල්නිලා” නම් වූ නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
දුම්රිය සිකුරාදා 10.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වන අතර සෙනසුරාදා පෙරවරු 6 ට කන්කසන්තුරේ වෙත ලගා වෙනවා. එසේම යලිත් ඉරිදා රාත්‍රී 10.30 ට කන්කසන්තුරේ සිට නැවත පැමිණෙන දුම්රිය සඳුදා පෙරවරු 6 ට ගල්කිස්සට ලඟා වෙනවා.
මෙම දුම්රියේ පළමු පන්තියේ ආසනයක් රුපියල් 4000 ද, දෙවන පන්තියේ රුපියල් 3000 ක් ද, තෙවන පන්තියේ රුපියල් 2000 ද වනවා.
මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ ඉදිපොළගේ මහතා ප්‍රකාශ කරන්නේ.

