ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා නව දුම්රියක්

ඊයේ රාත්‍රියේ සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා “යාල්නිලා” නම් වූ නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දුම්රිය සිකුරාදා 10.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වන අතර සෙනසුරාදා පෙරවරු 6 ට කන්කසන්තුරේ වෙත ලගා වෙනවා. එසේම යලිත් ඉරිදා රාත්‍රී 10.30 ට කන්කසන්තුරේ සිට නැවත පැමිණෙන දුම්රිය සඳුදා පෙරවරු 6 ට ගල්කිස්සට ලඟා වෙනවා.

මෙම දුම්රියේ පළමු පන්තියේ ආසනයක් රුපියල් 4000 ද, දෙවන පන්තියේ රුපියල් 3000 ක් ද, තෙවන පන්තියේ රුපියල් 2000 ද වනවා.

මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ ඉදිපොළගේ මහතා ප්‍රකාශ කරන්නේ.