ආනයනික බිත්තර සියල්ල පාරිභෝගිකයන් වෙතට

ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අවධාරණය කරනවා.

දෛනිකව බිත්තර මිලියනයක් ආනයනය කරන නමුත් ඒවා බේකරි සහ කර්මාන්ත සඳහා ලබා දීමේ හැකියාවක් නොමැති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ.

මේ වන විට දෛනිකව ලංකා සතොස හරහා බිත්තර මිලියනයක් බෙදාහැරීමේ කටයුතු ද සිදු කරමින් පවතිනවා.

එසේම ලබන සතිය වන විට සුපිරි වෙළඳසැල් හරහා ඇසුරුම් කරන ලද බිත්තර මිල දී හැකි වන අතර එහි දී බිත්තරයක් මිල රුපියල් 42 ක් වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.