තමන් දේශපාලන දඩයමක ගොදුරක් වී ඇති බවට ට්‍රම්ප් කියයි

2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට තමන් නිවැරදිකරු බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

වොෂින්ටන් ඩීසී හි ෆෙඩරල් උසාවියේ දී අදාළ නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේ කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එසේම ඇමරිකානු Republic පක්ෂයේ සාමාජිකයෙක් වන ට්‍රම්ප් විසින් පවසා ඇත්තේ තමන් දේශපාලනික දඩයමක ගොදුරක් වී ඇති බවයි.

මෙම නඩුව, 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එම පක්ෂයෙන් තරඟ කරන ට්‍රම්ප් ට එරෙහිව මාර්තු මාසයේ සිට ගොනු කරන ලද තුන්වන අපරාධ චෝදනාව වනවා.