13 ගැන යෝජනා ඉදිරිපත් කරන ලෙස පක්ෂ නායකයින්ට දැනුම් දෙයි

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනා හා අදහස් අගෝස්තු 15 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස සියලුම පක්ෂ නායකයින් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

උතුරු – නැගෙනහිර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීම පිණිස කැඳවා තිබුණු සර්ව පාක්ෂික සමුළුවේ දී 13 වන සංශෝධනය ගැන එකඟතාවයකට පැමිණ තිබුණා.