විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මිහින්තලේ රජමහා විහාරයේ ලක්ෂ 41 ව පැවති විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ අදාළ බිල සමගි ජන බලවේගයේ සාමාජිකයන් සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවයි.
ඊයේ දිනයේ ලංකා විදුලි බල බණ්ඩලය විසින් මිහින්තලය විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමත් සමඟ එය නැරඹීම සඳහා පැමිණි සංචාරකයන් ට පන්දම් රැගෙන මිහින්තලා කන්ද නැගීමට සිදු වී තිබුණා.

