මාස 06ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම, යහපත් සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට ඉදිරි මාස 03 වෙනුවෙන් ප්‍රමාණවත් වන පරිදි වෛද්‍ය සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන ද අනුමත කර ඇති බව වාර්තා වෙන්වා.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය ක්ෂේත්රයට වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට ඉඩ සැලසීම උදෙසා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

