ට්‍රම්ප් ට එරෙහිව තවත් චෝදනාවක්

2020 වර්ෂයේ දී පැවැත්වූ මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව අධිචෝදනා හතරක් නිකුත් කර තිබෙනවා.

පිටු 45 කින් යුතු අධිචෝදනා පත්‍රයේ දැක්වෙන්නේ වර්තමාන ඇමරිකානු ජනාධිපති වන ජෝ බයිඩන් විසින් එම මැතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ව පරාජය කිරීමෙන් පසුව යලිත් බලය තමා අතර ගැනීම සඳහා ට්‍රම්ප් විසින් කුමන්ත්‍රණයක් සැලසුම් කර ඇති බවයි.

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, රජයේ නිල ක්‍රියාවලියට බාධා කිරීමට සැලසුම් කිරීම, සහ අයිතිවාසිකම් වලට එරෙහිව කටයුතු කිරීම ඔහුට එල්ල වී ඇති අනෙක් චෝදනා වෙනවා.

ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වූ තුන්වන අවස්ථාව මෙය වනවා.