විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ සිදුවන දේශීය ගෙවීම් හා පියවීම් සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බව යි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
එසේම බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ශ්‍රී ලංකාවට එන ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් බවයි මහ බැංකුව අවධාරණය කරන්නේ.
බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16 ක් අනුමත වී ඇති අතර ඊට ඇමරිකානු ඩොලරය, යූරෝ, නවසිලන්ත ඩොලර්, ජපන් දී ආදිය ද ඇතුලත් වෙනවා.

