පශ්චාත් උපාධිය සඳහා විදේශගත වන ආචාර්යවරුන්ට යළි ගුවන් ටිකට්පත්

පශ්චාත් උපාධිය සඳහා විදේශ ගත වෙන විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සඳහා රුපියල් හත් ලක්ෂ පනස් දහසක උපරිමයකට යටත්ව ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අවුරුදු 07 ක නිවාඩුවක් සමඟ සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා විදේශ ගත වන සරසවි ඇදුරන්ට ලබා දුන් මෙම පහසුකම පැවති ආර්ථික අර්බුධ හමුවේ තාවකාලිකව නතර කර තිබුණි.