චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩාව පාලනය කරන ප්‍රධාන නායකයන් දෙදෙනා ඉවත් කර ඒ සඳහා නව නිලධාරීන් දෙදෙනෙක් පත් කර තිබෙනවා.
මහජන විමුක්ති හමුදාවේ (PLA) රොකට් බලකායේ ප්‍රධානියා වූ ජෙනරාල් ලී යුචාඕ සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා වෙනුවට හිටපු නියෝජ්‍ය නාවික හමුදාපති වැන්ග් හූබින් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ෂු ෂිෂෙන්ග් ඒ සඳහා පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම නව පත්වීම් ලද නිලධාරීන් දෙදෙනාම ලුතිනන් ජෙනරාල් නිලයේ සිට පූර්ණ ජෙනරාල් ධුරය දක්වා උසස් කර ඇති අතර එය චීනයේ ක්‍රියාකාරී සේවා නිලධාරින් සඳහා ලබා දෙන ඉහලම නිලය බවයි සඳහන් වෙන්නේ,
දශකයට ආසන්න කාලයක් තුළ බිජිං හමුදා නායකත්වයේ සිදු වූ පළමු අවිධිමත් ඉවත් කිරීම මෙය බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චීන ජනාධිපති ෂී ජින් පින්ග් යනු චීන හමුදාවේ ඉහලම අණ දෙන නිලධාරියා ද වෙනවා.

