කොළඹ ජාතික රෝහලේ විදුලිබිලට අදාළ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් ඒ සඳහා රතු නිවේදනයක් නිකුත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
මාස 05 කට අදාළව හිඟ මුදල් ලෙස රුපියල් මිලියන 339 ක විදුලි බිලක් කොළඹ ජාතික රෝහලට ලැබී තිබෙන අතර එය කඩිනමින් ගෙවීමට කටයුතු නොකළහොත් විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි එම නිවේදනයේ සඳන් වී තිබෙන්නේ.
ජාතික රෝහලේ මේ වන විට ශල්‍යාගාරවල සහ නේවාසිකව රෝගීන් විශාල පිරිසල් ප්‍රතිකාර ගන්නා අතර යම් හෙයකින් විදුලි කප්පාදුවක් විදු වුවහොත් රෝහල් කටයුතු අඩාල වීමේ හා රෝගීන් දැඩි අපහසුතාවයට පත් වීමේ අවධානමක් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

