ඊයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings සහ Colombo Strikers යන කණ්ඩායම් අතර පැවැත්වුණු ආරම්භක තරගයේදී ලකුණු 21ක ජයක් ලබාගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වැසිය දිනූ Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු 173ක් රැස් කර ගත අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායමට පන්දුවර 19යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණි.
මෙවර තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද සවස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දි පැවැත් වීමට නියමිත ය.
ඒ අනුව Galle Titans සහ Dambulla Aura කණ්ඩායම් අතර තරඟය අද පස්වරු 3.00ට ද, B-love Kandy කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ද පැවැත් වීමට සැලසුම් කර තිබෙනවා.

